Wednesday, July 20, 2011

ආසා හිතෙන Welcome Tab එකක් හදාගමුද ?


ඔයාල හැම කෙනෙක්ම දන්නවනේ ෆේස්බුක් පේජ්ස් (Facebook Pages) ගැන. ඉතින් මේ දග මල්ලීට හිතුනා ෆේස්බුක් පේජ් වලට තමන්ගේම මැක්සා "WELCOME TAB" එකක් දාගන්න හැටි කියල දෙන්න. කියවල බලල ට්රයි එකක් දීල බලන්නකෝ.

Welcome Tab එකක් කියන්නේ, කවුරු හරි FAN කෙනෙක් ඔයාලගෙ Page එකට එනකොට එයාව පිළිගන්න දාන Tab එකක්. මේකට ෆොටෝ, වීඩියෝ, වැකි එහෙම දාගන්න පුළුවන්.. අද මං කියන්නේ ඒවා ගැන නම් නෙවෙයි, IFRAME  WELCOME TAB APP එකක් ගැනයි.. IFRAME එකකින් ඔයාලට ඕනම දෙයක් PAGE එකේ WELCOME TAB එකේ පෙන්නන්න පුළුවන්.. මුලින්ම මේ ලින්ක් එකට යන්න. iframe TAB  ක්ලික් කලාම මේ වගේ FACEBOOK APP එකකට එයි.

අංක 1 - ඇප් එක ඉන්ස්ටෝල් කිරීම මෙමගින් ආරම්භ වේ.
අංක 2 - WELCOME TAB එක සදහා ඔයාල කැමති ICON එකක් තෝරගන්න
අංක 3 - තව TABs ඕන නම් ඇඩ් කරගන්න.

අංක 1 ක්ලික් කලාම මෙන්න මේ පේජ් එකට එනවා..


මෙතනදි ඔයාල , ඔයාලට ටැබ් එක දාන්න ඕන පේජ් එක තෝරන්න.

ඊට පස්සේ Add statick Iframe tab (අංක 2) ක්ලික් කරන්න. හරි දැන් ඉබේම ටැබ් එක ඉන්ස්ටෝල් වුන පේජ් එක ලෝඩ් වෙයි.. මෙන්න මේ වගේ..
දැන් ඔය රතු පාට රවුමෙ තියෙන එක ක්ලික් කොලානම්.. ඒක ක්ලික් කරන්න ඕන මෙන්න මේ පේජ් එක ඉබේම ලෝඩ් වුනේ නැත්නම් විතරයි..
දැන් ඕකේත් "Allow" ක්ලික් කලාම මුල් වැඩ ටික සම්පූර්නව අහවර වෙනව. හෆ්‍‍ෆා දැන් නම් මහන්සියි.. ඉතිරියත් අදම කියනවද කියලයි කල්පනා කොලේ.. පොඩ්ඩක් ඉන්ටකෝ එහෙනම්...

වතුර එකක් එහෙම බීල ආයේ ඉදගත්තා ඕන්.. හරි ආයෙ එන්ටර් වෙමුකො වැඩේට.. "Allow" button ක්ලික් කලාම මෙන්න මෙහෙමයි පෙන්නන්නේ... මෙතන තමයි ඉතින් ඔයාල දන්න හැම වැඩක්ම දාන්න ඕන.
අංක 1න් පෙන්නන්නෙ දැනටමත් ඔයාගෙ පේජ් එකට ලයික් කරල තියෙන අයට "Welcome Tab" එකේ පෙන්නන්න ඕන මොනවද කියලයි.. අංක 2න් පෙන්නන්නෙ පේජ් එකට අළුතන්ම එන අයට "Welcome Tab" එක පෙන්නන්න ඕන විදිහයි.. ඔයාලට දැන් පුළුවන් FBML , HTML වලින් කැමති විදිහකට "Welcome Tab" එක හදාගන්න.. එහෙමත් නැත්නම් මේ රූපෙ තියෙනව වගෙ වෙනම තැනක ඔයාල හදල තියෙන වෙබ් පේජ් එකක් ලෝඩ් කරගන්න. ඒකට තමයි IFRAME රන් කරවනවා කියන්නේ... මේකෙන් අපිට FBML වලින් කරගන්න බැරි දේවල් කරගන්න පුළුවන්..

අංක 1 සිලෙක්ට් කරන්න, එතකොට තමයි අංක 2,3,4 ඒවා පෙන්නන්නේ.. දැන් අංක 2 තියෙන තැන ඔයාලාගේ වෙබ් පේජ එකේ ලින්ක් එක දාන්න.. අංක 3න් උස ප්රමාණය ද 4න් scroll bars ඕනෙද නැද්ද කියන ඒවා තෝරගන්න පුළුවන්.. දැන් ඉතින් ටැබ් එක හදල ඉවරයි. ඒ නිසා save settings ක්ලික් කරන්න. ටැබ් එක හදල ඉවර වුනාට තව පොඩි වැඩක් තියෙනව කරන්න.. ඔයාලගේ පේජ් එකේ Edit Page වල Manage permissions කලික් කරන්න.. එතකොට මේ පේජ් එක ලෝඩ් වෙනවා.

මෙතන Default Landing Tab වල ඔයාගේ ටැබ් එක තෝරන්න.. දැන් save කරන්න... දැන් නම් ඔන්න ඔක්කොම අහවරයි.... ඔයාල ටැබ් එකට විතරක් දාන්න හිතාගෙන වෙබ් පේජ් එකක් හදනවනම් ඒක ගබඩා කරන්න හොදම තැන මෙන්න Free Web Hosting Area . මොකද සල්ලි ගෙවල මේ වගේ වැඩ වලට වෙබ් ස්පේස් ගන්න එක අපරාදෙනෙ.. :ඩී මෙන්න මං ගූගල් ලෝඩ් කරා ටැබ් එකේ...

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by දගයා - දග මල්ලිගේ ෆේස්බුකිය | Design Blog, Make Online Money